දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතී.

 

කෙසේවෙතත්, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි අතර ත්‍රිකුණාමලය සිට මඩකළපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වන අතර පුත්තලම සිට කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවිටින් විට තරමක් රළු විය හැක.

 

සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

 

 

views

510 Views

Comments

arrow-up