ගම්පහ දිස්ත්‍රික්කයේ PHIලා පිරිසක් නිරෝධායනයට

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
වත්තල කොට්ඨාසය තුළ සේවය කරමින් සිටි ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සිය දෙවන PCR පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බවට තහවුරුවීමත් ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 05 දෙනෙක් හා ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 21 දෙනෙක් ඔහුගේ පළමු ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා
685 Views
Comments