දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්‌ථානවල මි.මී. 100 පමණ තද වැසිද ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

උතුර සහ නැගෙනහිර පළාත්වල විශේෂයෙන්ම උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලඋදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.

 

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක. කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ සිට නැගෙනහිර දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

 

 

views

548 Views

Comments

arrow-up