'' ජල ගැලුම් නිම්නයත් අනතුරේ" - වනජීවි නිළධාරීන් වැඩ වර්ජනයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
07

'' ජල ගැලුම් නිම්නයත් අනතුරේ" - වනජීවි නිළධාරීන් වැඩ වර්ජනයක

'' ජල ගැලුම් නිම්නයත් අනතුරේ" -   වනජීවි නිළධාරීන් වැඩ වර්ජනයක

පොළොන්නරුව ජල ගැලූම් නිම්න රක්ෂිතයේ සිදුවන විවිධ අනීතික කි‍්‍රයා වැළැක්වීම සදහා වහාම පියවර ගන්නා ලෙස, වන ජීවී නිළධාරීන් විසින් වනජීවී අමාත්‍යවරයාගෙන් සහ වනජීවී රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුනද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් වගකිව යුතු පාර්ශ්වයන් විසින් ගෙන නොමැති හෙයින් වනජිවි ක්ෂේත‍්‍ර ගත සියලූ නිලධාරීන් අද සිට යළි වෘත්තීය සමති ක‍්‍රීයාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

 

ඒ, පොලොන්නරුව ජාතික ජල ගැලූම් නිම්නය මැදින් මාර්ගයක් ඉදිකිරීමට පිඹුරුපත් සැකසීම හා රක්ෂිතය තුළට ගවයන් ඇතුළු කිරීම ඇතුලූ කරුණු කිහිපයකට විරෝධය පල කිරීමේ අරමුණින්.

 

ජලගැලූම් නිම්න රක්ෂිතය මැද්දෙන් පාර කැපීමේ යටි අරමුණ, වැලි ජාවාරම් කරුවන්ට මහවැලි ගගේ වැලි කැපීම සහ ප‍්‍රවාහනයට පහසුකම් සපයා දීම බව, වන ජීවී නිළධාරීන්ගේ චෝදනා කරනවා ඊට අමතරව, රක්ෂිතය තුළට ගවයන් ඇතුළු කිරීම මගින්, වනාන්තර කැපීම එක් ප‍්‍රධාන ව්‍යසනයක් වන අතර, හරකුන් රක්ෂිතය තුළට යැවීම මගින්, අලින්ට අවශ්‍ය ආහාර හිගවීමෙන් අලින් ගම් වැදීම සිදුවන බවද පැවසේ.

 

ඔවුන් පවසන්නේ රාජ්‍ය ඇමති විමලවීර දිසානායක විසින් ජාතික ජල ගැලුම් රක්ෂිතයට අනවසර පුද්ගලයන්ට ඇතුලු වීමට අවසර ලබා දීමට සිදු කරන අරගලය හේතුවෙන් ජල ගැලුම් නිම්නය ජාතියට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවයි.

 

 

 

views

522 Views

Comments

arrow-up