ශ්‍රී ලංකා ගුවන් සීමාවේ පියාසර ගාස්තු වැඩි කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
14

ශ්‍රී ලංකා ගුවන් සීමාවේ පියාසර ගාස්තු වැඩි කෙරේ

ශ්‍රී ලංකා ගුවන්  සීමාවේ  පියාසර ගාස්තු වැඩි කෙරේ

වසර 38 කට පසුව ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

 

ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සී‍මාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ.
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මීට ඉහත එම ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් සහ සේවා සැපයීමේ ගාස්තු ප්‍රකාශයට පත් කෙරුණේ 1981 වර්ෂයේදී. එයින් වසර 38කට පසුව එම ගාස්තු මෙවර සංශෝධනය කිරීම  විශේෂත්වයකි. 

 


අද (14) ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එම නව ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් ලබා ගත් ආදායමට වඩා වාර්ෂිකව රුපියල් මිලියන 813ක අමතර ආදායමක් ශ්‍රී ලංකාවට හිමි වන බවයි.

 


ශ්‍රී ලංකා ගුවන්  සීමාවේ දෛනිකව පියාසර කරන ගුවන් යානා ගණන 125ක් පමණ වේ. මීට පෙර එම ගුවන් යානාවලින් ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු අය කිරීමෙන් දෙදෙනිකව ලැබුණු මුදල රුපියල් මිලියන 3.9කි. වාර්ෂිකව ගත්විට එම මුදල රුපියල් මිලියන 1412.6ක් විය. නව ගාස්තු සංශෝධනයත් සමඟ දෛනිකව ලැබෙන මුදල රුපියල් මිලියන 6.1 දක්වාද වාර්ෂිකව ලැබෙන මුදල රුපියල් මිලියන 2225.6 දක්වාද ඉහළ යයි.

 

 
ප්‍රතිශතයක් ලෙස ගත් විට එම වැඩිවීම සියයට 57ක වැඩි වීමකි. අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ එම මුදල් ඉදිරියේදී දේශීය ගුවන් තොටුපොළ සංවර්ධනයට හා ඒ ආශ්‍රිත වැඩි දියුණු කිරීම්වලට මූලික වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බවයි.

views

674 Views

Comments

arrow-up