කොළඹ නගරයේදී කුඩා දරුවන්ට මුඛ ආවරණ පැළඳීම වඩාත් සුදුසුයි

කොළඹ නගරය ඇතුලූ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ පවතින දූවිලි අධික තත්ත්වය නිසා කුඩා දරුවන්ට මුඛ ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙම තත්ත්වයත් සමඟ දරුවන්ට ඇතැම් විට ස්වසන අපහසුතා ඇතිවිය හැකි බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරණ ආකාරයට ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය මේ වනවිට ශ්‍රී ලංකාව දක්වා පැතිර ඇතැයි සැක මතුවී තිබෙනවා. කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය මේ වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළා.
කොළඹ නගරයේ ඉහළ අහසේ මේ දිනවල මීදුම වැනි තත්ත්වයක් දක්නට ලැබෙනවා. එලෙස පෙන්නුම් කරන්නේ මෙම දූවිලි අංශු වන අතර කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබුණා.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයද තවදුරටත් කොළඹ වායු ගුණාත්මක දර්ශකයට අනුව එය සෞඛ්‍යයට අහිතකර බව දක්වා පවසා තිබෙනවා.
මීට අමතරව දිවයිනේ තවත් පළාත් කිහිපයකින්ම මෙම තත්ත්වය වාර්තාවන අතර, ඇදුම සහ ස්වසන රෝග සහිත පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් කියා සිටියා. එමෙන්ම බෙංගාල බොක්කේ මේ වනවිට පවතින පීඩන අවපාතය හේතුවෙන් සිදුව ඇති සුළං හැමීමේ රටාවේ වෙනස්වීමද මෙම තත්ත්වයට තවත් හේතුවී තිබෙනවා.
728 Views
Comments