සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට වහාම විනය පරීක්ෂණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට වහාම විනය පරීක්ෂණයක්

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට වහාම විනය පරීක්ෂණයක්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත අනිද්දා (23)  දිනයේදී නිතිපතිවරයා අවශ්‍ය යොමුකිරිම් සිදුකරන බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළා.

 

අදාළ දුරකථන සංවාදයේ කරුණු සහ හඩ පරීක්ෂා කර දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ පිළිගැනීම ද සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් ආයතන සංග්‍රහයේ අදාල ප්‍රතිපාදන යටතේ සිදූකිරීම සදහා සුදුසු පුද්ගලයෙකු පත්කර පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

 

ඇයට එරෙහිව පරීක්ෂණය වහාම පැවැත්වීමට නීතිපතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබන සදුදා යොමු කිරීමට සුදානම් බවත් රජයේ අධී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩිදූරටත් සදහන් කළා.

 

ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදුකළ දුරකථන සංවාදයක හඬ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමාජ මාධ්‍ය වෙත අනාවරණය කළා.

 

සිංගප්පූරුවේ සිට නිශ්ශංක සේනාධිපති මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ මෙම අනාවරණය සිදුකර තිබෙනවා.

 

 

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ නීත්‍යානුකූල භාවය ගැන අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිලරුක්ෂි ඩයස් මහත්මියගෙන් සහතිකයක් සහ ඇයට කළ දේශපාලන බලපෑම් ගැන හෙළිදරව්වක්....

Posted by Nissanka Senadhipathi on Thursday, September 19, 2019
views

672 Views

Comments

arrow-up