චාරිකා හා විනෝද ගමන් සපුරා තහනම්

චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබේ.
රජය විසින් ඊයේ(17) දිනයේ සිට හෙට(19) දිනය දක්වා දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
එවන් තීරණයක් ගනු ලැබුවේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් ලෙස යැයි ද පැවසු අමාත්‍යවරිය එවැනි අවස්ථාවක විනෝද චාරිකා යෑම සම්පූර්ණයෙන්ම තහනම් වන බවත් පැවසීය.
කිසියම් පිරිසක් මෙම උපදෙස් කඩ කරමින් හැසිරෙන්නේ නම් ඔවුන්ට නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේය.
ජනතාව මෙවැනි ආකාරයෙන් හැසිරීම තුළ තවත තවත් පවතින තත්ත්වය අනතුරුදායක තත්ත්වකට පත් වෙනු ඇතැයි ද පැවසු අමාත්‍යවරිය හැකි තරම් නිවෙස් තුළම රැඳී සිටිමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.
පොලිස්පති විශේෂ නියෝගයක් ලෙස මාර්ග බාධක ලංකාව පුරාම යොදවා ඇති බවත් යම් අයෙක් විනෝද චාරිකා යන්නේ නම් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවත් නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
499 ක් වන පොලිස් ස්ථාන සියල්ල වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බවත් ඒ නිසාවෙන් සියලු දෙනා නිවෙස්වල රැදී සිට රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීමට සහය වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
688 Views
Comments