නිකාබය හා බුර්කාවට මුවා වී සැරිසරන පිරිමින් ගාල්ලෙත් !

නිකාබය හා බුර්කාවට මුවා වී සිටින පිරිමින් පිළිබද පසුගිය කාලය පුරාම විවිධ පුවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වුණා. මේ ඒවැනිම පුවතක් පිළිබද වාර්තා වන්නේ ගාල්ල ප්‍රදේශයෙන්...
මේ අද (11:03:2020) උදෑසන 7:25 ට පමණ, ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමය අසල මා දුටු දසුනකි.
මෙම කාන්තාව හෝ පිරිමියා, ගාල්ල ශාන්ත ඇලවීශියස් විද්‍යාලය වෙත කුඩා දරුවෙකු කැඳවා ගෙන ආ අතර , දරුවා පාසලට යොමුකර ආපසු එන අතර , මෙම ඡායාරූපයට ලක්විය.
මෙහි විශාලනය කොට දක්වා ඇති මුහුණ හා දෙපා දෙස බලන්න. එක් පයකට මේස් තිබුනත් අනෙකේ මේස් දමා නැත, පාවහන් දෙවර්ගයක් මෙන් පෙනේ.
මෙහි සිටින්නේ ගැහැනියක හෝ පිරිමියෙකු දැයි පැහැදිලිව දිස් නොවන අතර, මෙම ලෝගුව තුල සඟවා ඕනෑම දෙයක් ගෙනයාමටද හැකියාව ඇති බැවින්, අවශ්‍ය නම් මෙවැනි ඇඳුමක් පැහැදිලි ලෙසම පාසල් සිසු සිසුවියන් ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස යොදා ගතහැක.
එක් වතාවක් අප මෙවැනි සිදුවීම් මගින් පාඩම් ඉගෙන ගත් බැවින් , පාසලට දරුවන් රැගෙන ඒමේදී මෙවැනි අනන්‍යතාවය සඟවන ඇඳුමින් පැමිණීමෙන් වලකින ලෙස මෙම පුද්ගලයාට දන්වන ලෙස, මම ශ්‍රී හෘදය කන්‍යාරාමය ප්‍රධාන දොරටුව අසල සිටි පොලිස් කාන්තාව වෙතින් ඉල්ලීමක් කලෙමි. නමුත් ඇය පැවසුවේ මෙවැනි ඇඳුම් ඇඳීමට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බැවින් තමාට කලහැකි කිසිවක් නොමැති බවයි.
නමුත් ශාන්ත ඇලවීශියස් විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල සිටින, එම පාසලේ ආචාර්ය වරයා මේ පිළිබඳව ඉදිරියේදී සැලකිලිමත් වන බවට ප්‍රකාශ කලේය.
මෙවැනි ඇඳුමින් සැරසී ඔවුන් සිය නිවසේ සිටියාට අපට කිසිදු ගැටළුවක් නොමැත .නමුත් ඉතාමත් මෑතකදී අප ලද අත්දැකීම් අනුව, සිය අනන්‍යතාවය සඟවන මෙවැනි ඇඳුම් ඇඳ ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරීම හෝ, දරුවන් පාසල් රැගෙන ඒම පැහැදිලි ලෙසම අපගේ හා අප දරුවන් ගේ ආරක්ෂාව කෙරෙහි ගැටළු සහගත තත්වයකි.
මෙවැනි ඇඳුමින් සැරසීමෙන් තොරව පාරට බැසිය නොහැකි නම්, අන් අයෙකු අත හෝ පාසල් වෑන් රථයක දරුවන් පාසල් එවීම වැනි විකල්ප ක්‍රියා මාර්ග වලට යාමට හැක.
එබැවින් රෑ වැටුණු වලේ දවාලේද නොවැටී, මෙවැනි ඇඳුමින් ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරීම වැලැක්වීමට ප්‍රංශයේ හෝ එංගලන්තයේ මෙන් මෙරටද නීති සම්පාදනය කිරීමට කාලය එලඹ ඇත.
ඒ දක්වා අපි මෙවැනි අන්තවාදී හා අත්තනෝමතික හැසිරීම් දුටුවිට, පොදුවේ ඊට විරෝධය පලකර , අපේ ආරක්ෂාව තහවුරු කර ගනිමු.
විරාජ් නානායක්කාරගේ සටහනක්....
1003 Views
Comments