On Arrival වීසා පහසුකම අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
11

On Arrival වීසා පහසුකම අත්හිටුවයි

On Arrival  වීසා පහසුකම අත්හිටුවයි

විදේශිකයින් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන On Arrival වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිමේ අරමුණින්.

 

 

එමෙන්ම අත්‍යාවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරයන්හි යෙදීමෙන් වලකින ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිරි යාමේ අවධානම මඟහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යන නිරෝධාන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන ලාංකිකයින්ට පමණක් නොව විදේශිකයින්ටද අදාල බව රජය නිවේදනය කර සිටිනවා.

 

 

රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධාන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරිමට කිසිදු පුද්ගලයෙක්ට සමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බවත් තමන්ගේ මෙන්ම තම සමිපතයින්ගේ හා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එයට අනුගතවී කටයුතු කරන ලෙස රජය අදාළ පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටිනවා.

views

888 Views

Comments

arrow-up