දෙන කෑමත් හොද නැත්නම් කියන්න - යුද හමුදාව ඒකටත් සූදානම්

දකුණූ කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.
රටම මෙම වසංගතයට බිලිවීම වළක්වමින් අවදානමට පෙර සූදානම් වීමක් ලෙසයි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. සෞඛ්‍ය අංශ සමග එක්වෙමින් යුද හමුදාවේ පූර්ණ කැපවිමෙන් එම කටයුතු සිදු කෙරෙනවා.
සියලු දෙනාගේ ජීවිත රැක ගැනීම සඳහා මෙවන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන විට ඇතැමුන් එය සරල ලෙස සැලකීම කණගාටුවට කරුණක්.
නිරෝධායන වැඩපිළිවෙළ සඳහා ඇතැමුන් කන්දකාඩු හා මඩකලපුව මධ්‍යස්ථාන වෙත ගුවන්තොටුපොළේ සිට රැගෙන යන අවස්ථාවේ තමන් ගමන් කළ බස් රථයෙන් බාහිර සමාජයට විවෘත වෙමින් ක්‍රියා කළ ආකාරය දැකගත හැකි වුණා.
එසේම ඇතැමුන්ට අතරමගදී වැසිකිළි කැසිකිළි යාම සඳහා ඉඩ ලබා දුන් විට විදේශයන් සිට පැමිණි ඇතැමුන් ක්‍රියා කළ ආකාරය ද බොහෝ දෙනාගේ පිළිකුලට ලක්ව තිබෙනවා.
තම ජීවිත අවදානම ද නොතකා මෙම පිරිසට සැලකූ යුද හමුදාව හා සෞඛ්‍ය අංශවලට මෙවැනි චෝදනා එල්ල කිරීම සාධාරණ ද යන්න යළි සිතා බැලිය යුතුයි.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ස්වාධීන රූපවාහිනියේ සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් මෙලෙස අදහස් පළ කළා.
” එන කට්ටියට එන්න එපැයි කිව්වෙ නෑනෙ. වැහුවෙ නෑනෙ. සමහර රටවල් වගේ රටින් පිට වෙන්න දෙන්නේ නෑ… රටට ඇතුල් වෙන්න දෙන්නේ නෑ.. කියන තත්ත්වයක් ඇති කළේ නෑ..
මේක ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම අපි පැය 48ක් ඇතුළත තමයි ඔය කියන මධ්‍යස්ථාන දෙකට යන්නේ… අඩුපාඩුකම් තිබ්බෙ නැහැයි කියන්න බැහැ…
අපේම රටේ සමහර අයවලුන් කැමති උන්නැහැ මේ 150 යන අතරේ අඩුම ගණනේ ටොයිලට් එකක් වක් දෙන්න. කිසි කෙනෙක් කැමති වුණේ නැහැ ටොයිලට් යන්න වත් බස් රථය නවත්වනවට. රටින් ආව අයවත් ඒක දන්නේ නැහැ..
මේ නිරෝධායන ස්ථානවල aircondition නම් නැහැ.. වයිෆයි ලබාදීලා තියෙන්නේ….
කෑම ගැන නම් ප්‍රශ්නයක් වෙන්න එපා.. කෑම ගැන බලාගන්න අපිට හොඳට පුළුවන්… කවුරුහරි පුද්ගලයෙක් කියනවනං මේ කෑම නෙමේ තව වර්ගයේ කෑම ඕනේ කියලා කියනවනම් මං ඒකත් යුද හමුදාවෙන් ලබාදෙන්න කටයුතු කරන්නම්…”
795 Views
Comments