බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට දැනුම් දුන් බවට සදහන් පුවත අසත්‍යයි - පොලිසිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට දැනුම් දුන් බවට සදහන් පුවත අසත්‍යයි - පොලිසිය

 බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට දැනුම් දුන් බවට සදහන් පුවත අසත්‍යයි - පොලිසිය

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ පුවත අසත්‍ය පුවතක් බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරනවා. ඒ සම්බන්ධව නිල ෆේස්බුක් පිටුවේ සදහන් කරතිබූ සටහන පහතින්...

 

පසුගිය දිනක පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුල අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි.

 

මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විසින් විමර්ශනයක් සිදු කරන ලද අතර, එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවි කර තිබූ මල් මාලා ඉවත් කිරිමට අදාල පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කිසිම විටක පොලිස් නිලධාරියා බුදු පිළිමය ඉවත් කිරීමට උපදෙස් ලබා දී නැත.

 

මෙම විමර්ශනයට අදාලව අදාල පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ අනුවද පැහැදිලි වන්නේ බුදු පිළිමයක් ඉවත් කිරිමට පොලිස් නිලධාරියා උපදෙස් දී නොමැති බවයි.

 

වාහනවල ඉදිරි වින්ස්ක්‍රීනය වැසෙන සේ මල් මාලා, කුඩා මල් පෝච්චි එල්ලාගෙන යෑම හා ඩ්‍රෑෂ් බෝඩය මත සවි කිරීම තුලින් ඉදිරි දර්ශන අපැහැදිලි වන අතර එමගින් අනතුරු සිදුවේ. එම වරද සම්බන්ධව රියදුරුට දැනුම් දී ඇත. රියදුරු විසින් වෙනත් ආකාරයට අර්ථ නිරූපනය කරමින් බුදු පිළිමය ගැලවීමට පොලිස් නිලධාරියා උපදෙස් ලබාදුන් බව පවසා වීඩියෝව නිකුත් කර ඇත.

 

අදාල පුවත මගින් ජාතීන් අතර, ආගම් අතර විසන්වාදය, වෛරය ඇති වන ආකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින්, එම පුවත පළ කල පුද්ගලයා සහ චේතනාන්විතව සමාජ මාධ්‍ය ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය මගින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතයි.

views

616 Views

Comments

arrow-up