තිලංගට ක්‍රිකට් තහනම ස්ථිරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ තීන්දුව ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ පරීක්ෂණ වාර්තාවෙන් තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට කිසිදු අයුරකින් සම්බන්ධ විය නොහැකි බව නිර්දේශ කිරීම සහ එම වාර්තාවේ අනෙකුත් නිර්දේශ පිළිබඳ අවධානය යොමු කරමිනි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ නියෝගය ඊයේ (14දා) දිනයේ නිකුත් කරනු ලැබුවා.
ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ පසුගියදා (11දා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබුණු අතර, ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තියෙන් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තහනමට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ අත්සන් තැබුවා.
714 Views
Comments