කිරින්ද සිද්ධියට පොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්

හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඊට අමතරව හක්මන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් පිරිසකට එරෙහිවද විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට උපදෙස් ලබා දුන්නා. අදාළ සිදුවීම ඇති වීමට පෙර හා පසු පොලීසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම එහි අරමුණයි.
යම් හෙයකින් එහිදී තවත් පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැර ඇති බවට කරුණු අනාවරණය වුවහොත් ඔවුන්ට විරුද්ධව ද විනයානුකුලව පියවර ගන්නා ලෙස ප්‍රනාන්දු මහතා වැඩිදුරටත්උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර ඉකුත් සිකුරාදා (27) රාත්‍රියේ හක්මන කිරින්ද නගරයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුල මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලීසිය කියයි.
පොලීසියට අමතරව යුද හමුදාව හා පොලිස්විශේෂ කාර්ය බලකාය ද ඒ සඳහා කැඳවා තිබුණහ. එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
696 Views
Comments