ජනපතිගේ නෙළුම් කුළුණේ කතාවට ඇලිට් සමාගමෙන් පිළිතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

ජනපතිගේ නෙළුම් කුළුණේ කතාවට ඇලිට් සමාගමෙන් පිළිතුරු

ජනපතිගේ නෙළුම් කුළුණේ කතාවට ඇලිට් සමාගමෙන් පිළිතුරු


නෙළුම් කුලුණ ව්‍යාපෘතිය සඳහා ලැබුණූ අමෙරිකානු ඩොලර් 15,644,980 ක් වූ අත්තිකාරම් මුදල සම්පූර්ණ වශයෙන් යොදවනු ලැබුවේ අදාළ ව්‍යාපෘති කටයුතු සඳහා පමණක් බව ඇලිට් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

 

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ කොළඹ නෙළුම් කුලුණ ව්‍යාපෘතියේදී තම සමාගම සී.ඊ.අයි.ඊ.සි (CEIEC) සමාගම සමඟ 2012 වසරේ ජනවාරි මාසයේදී හවුල්කාරි ගිවිසුමකට එළඹුණු බවයි.

 

පසුව එම සී.ඊ.අයි.ඊ.සි සමාගමට නෙලුම් කුළුණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තනිව කටයුතු කිරිමට අවකාශ ලබාදුන් බව ඇලිට් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

 

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් එක්කෝටි පනස් හය ලක්ෂ හතලිස් හතරදහස් නමසිය අසුවක් (15,644,980) ක මුදලක් 2012 වසරේ ඔක්තෝම්බර් මස 09 වෙනිදා චීනයේ ආනයන-අපනයන බැංකුවේ පිහිටි සී.ඊ.අයි.ඊ.සි සමාගමේ ගිණුමට අත්තිකාරම් මුදලක් ලෙස ගෙවා තිබූ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

 

නෙළුම් කුලුණ ඉදිකිරිම ව්‍යාපෘතියේ සැලකිය යුතු සන්ධිස්ථානයක් වනවා සේම එය ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු කාලින මිත්‍රත්වයේ සංකේතයක් වන බව පවසන ඇලිට් සමාගම, සිය සමාගම චීනය රජයට අනුබද්ධ සමාගමක් බවත් මේ වන විට රටවල් 40 ක සේවා සපයමින් සිටින බවද සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

 

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගු කාලින මිතුදමට ගරුකරමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් දායකවීමට ඇලිට් සමාගම කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

views

663 Views

Comments

arrow-up