ජනප්‍රිය ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 73 වන වියේ පසුවුණා.
මීගමුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ සාමාජිකයින් පවසනවා.
මහ සයුරේ ගැඹුරු දියේ...., මේ දෙව් මැදුරේ...., අවන්හලක ඉපදී මා...., යන ජනප්‍රිය ගීත රැසක් ඒ මහතා ගැයූ ගීත අතර වනවා.
ඒ මහතාගේ දේහය මීගමුව කුරණ ජූඩ් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ සාමාජිකයින් පවසන්නේ.
530 Views
Comments