ශ්‍රී ලංකාවට ෆයිසර් බයෝටෙක් එන්නත ගැළපෙන්නේ නැහැ - රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඇමරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝටෙක් සමාගම විසින් නිෂ්පාදිත ෆයිසර් බයෝටෙක් එන්නතට ශ්‍රී ලංකාවේ පවතින පරිසර සාධක වලට නොගැලපෙන බව වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.
රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියේ කටුනායක ගුවන් තොටුපලේ සිදුකෙරෙන සෞඛ්‍ය කටයුතු නිරීක්ෂණය කිරීමට ඊයේ දිනයේ එක් වූ අවස්ථාවේදීයි.
මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය මගින් කළ පරීක්ෂණවලින් නිෂ්පාදනය කෙරුණු ඇස්ට්‍රා සෙනෙකා එන්නත රටට ගෙන්වීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය කියාසිටියා.
එහෙත් fizer biotech එන්නත මුලින්ම භාවිතය සඳහා අනුමත කළ රාජ්‍ය වන්නේ මහා බ්‍රිතාන්‍යයයි.
දැනටත් එන්නත් කිරීමේ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතිනවා.
ෆයිසර් බයෝටෙක් එන්නත කැනඩාව බහරේන් රාජ්‍ය ස්විට්සර්ලන්තය ඇමරිකාව යන රටවල් ද මේ වන විට එන්නත්කරනය සඳහා අනුමත කර තිබෙනවා.
838 Views
Comments