ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක්

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හමුව පස්වරු 06.30ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් ද අද පැවැත්වෙනවා.

හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු කලයුතු ආකාරය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ නායකයන්ගේ හමුවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකථනය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට ප්‍රථම එය මාධ්‍යවල පළවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

 

views

739 Views

Comments

arrow-up