සේවකයින් කිහිපදෙනෙකුටම කොරෝනා ආසාදිත බව MAS කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

සේවකයින් කිහිපදෙනෙකුටම කොරෝනා ආසාදිත බව MAS කියයි

සේවකයින් කිහිපදෙනෙකුටම කොරෝනා ආසාදිත බව MAS කියයි

තම ආයතනයේ සේවකයින් කිහිපදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය තිබෙන බව MAS Holdings ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අධි අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි වී සිටින සේවකයින් කිහිප දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

නිට්ටඹුව පිහිටි MAS ඇගළුම් කර්මාන්තශාලාවේ සේවකයෙකුට පසුගියදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා විය.

ඒ අනුව ඔහු ඇසුරු කළ පුද්ගලයින් ස්වයං නිරෝධනයට ලක් කර ඇති අතර ඔවුන් සඳහා PCR පරීක්ෂණ සිදු කර ඇත.

එම PCR පරීක්ෂණ වාර්තා මඟින් මෙම ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත.

ඔවුන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට ඇතුළත් කර ඇති බව ද එම නිවේදනය මඟින් ඔවුන් පවසයි.

 

 

views

900 Views

Comments

arrow-up