එකම පවුලේ දරුවෝ තිදෙනාම දියේ ගිලී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

එකම පවුලේ දරුවෝ තිදෙනාම දියේ ගිලී මරුට

එකම පවුලේ දරුවෝ තිදෙනාම දියේ ගිලී මරුට

වගාවන් සඳහා ජල ලබාගැනීමට කපා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් එක පවුලේ ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලේවෙල, රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ එකම පවුලේ අවුරුදු 15, 12 සහ 7 යන වයස්වල පසුවන ගැහුණු ළමුන් දෙදෙනෙක් සහ පිරිමි ළමයෙකි.

ළමුන් තිදෙනා දිය නෑමට යන බව පවසා අද උදෑසන නිවසින් පිටත්ව ගොස් ඇති අතර ඔවුන් නැවත නිවසට පැමිණීමට පමාවීම හේතුවෙන් දෙමාපියන් විසින් ඔවුන් සොයා තිබෙනවා.

එලෙස සොයා බැලීමේදී අනාරක්ෂිත වළ අසල තිබී ඇඳුම් කිහිපයක් සොයාගෙන ඇති අතර අනතුරුව පොලිසියට දැනුම්දීමෙන් පසුව කළ පරීක්ෂාවකදී අනාරක්ෂිත ළිඳට වැටී මියගොස් සිටි දරුවන් තිදෙනාගේ සිරුරු හමු වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

 

views

833 Views

Comments

arrow-up