නැවත දැනුම්දෙන තුරු රාජ්‍ය ආයතනවල මහජන දින නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

නැවත දැනුම්දෙන තුරු රාජ්‍ය ආයතනවල මහජන දින නැහැ

නැවත දැනුම්දෙන තුරු රාජ්‍ය ආයතනවල මහජන දින නැහැ

රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවලට යාම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ දිනවල කොරෝනා ව්‍යාප්තියත් සමග පුද්ගලයින් එක්රැස්වන ස්ථානවලට යාම හැකිතාත් අවම කළ යුතු බවයි.

මේ අතර, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාළන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පැවසුවේ, රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කර ජනතාව එක්රැස්වීම අවම කරන ලෙස උපදෙස් දී ඇති බවයි.

නැවත දැනුම් දෙනතුරු රාජ්‍ය ආයතනවල මහජන දින නොපවත්වන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.

 

views

768 Views

Comments

arrow-up