'' සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන රටක් ''අනුර ඇල්පිටියේදී කියයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

'' සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන රටක් ''අනුර ඇල්පිටියේදී කියයි.

'' සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන රටක් ''අනුර ඇල්පිටියේදී කියයි.

රටේ සෑම නීති විරෝධී ක්‍රියාවක් පිටුපසම දේශපාලනඥයින් සිටින බවත් වැරදි කරන පුද්ගලයන් ලොකුද පොඩිද, ඔහු දේශපාලනඥයෙක්ද, කව්රුද නොබල සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන රටක් තමන් බලයට පැමිණි පසු ක්‍රියාත්මක කරන බවත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතා ඊයේ පස්වරුවේ ඇල්පිටිය නගරයේ පැවති ජන රැලියේදී පැවසීය.

මේ දිනවල පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙම රැලිය සංවිධානය කර තිබිණි.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලීන් හේවගේ මහතා, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට එක්වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැකුවූ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතා…

 

“පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න හදනකොට මන්ත්‍රීවරයෙක් එහෙට මෙහෙට පණිනවනම්, මන්ත්‍රී ධුරය අහෝසි වන නීති සම්පාදනය කරන්න හදනකොට මේ පක්ෂ දෙකම කරපු දේ තමයි ඒ නීතිය ව්‍යවස්ථාවෙන් අයින් කළා. අපි තමුන්නාන්සේලාට සහතිකයක් දෙනවා, අපි එකතුවෙලා පාලනයක් හදමු නැවත ඒ නීතිය ව්‍යවස්ථාවට ඇතුළත් කරන නීතියක් බවට අපි පරිවර්තනය කරනවා. මොකද මේ දේශපාලන පොරපිටිය සුද්ධ කරන්න ඕනා.

 

 

අපේ රටේ සියලුම නීති විරෝධී ක්‍රියා පිටිපස්සේ ඉන්නේ කවුද? තමුන්නාන්සේලාගේ ගමේ නීතිවිරෝධීව ඉඩමක් ගොඩකරනවානම් පිටිපස්සෙ ඉන්නේ දේශපාලකයෝ. එහෙම නෙවෙයිද? තමන්නාන්සේලාගේ ඡන්දෙන් මන්ත්‍රී ධුරය අරගෙන මන්ත්‍රී දුරයෙන් බලවත් භාවයට පත්වෙලා, වරප්‍රසාද ලත් පුද්ගලයෙක් බවට පත් වෙලා නීතියෙන් රිංගනවා. මේ අපරාධ කරුවන්ගෙන් මේ රට නිදහස් කරගන්නම් එයා දේශපාලකයාද, ගමේ ගැමියාද කියන බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වන රටක් හදන්න ඕනා. සහතික වශයෙන් අපි හදනවා. ලොකුද පොඩිද නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් හදනවා.”

 

views

682 Views

Comments

arrow-up