නිකාබ්, බුර්කා තහනමත් ඉවරයිලු

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසනවා.
තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
අදාළ ලිපිය යොමු කරමින් විනය හා කල්ක්‍රියා නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.
ඒ අනුව නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ, හිස් වැසුම් පැලදීම පිළිබඳ නීතිය ද ක්‍රියාත්මක නොවන බව අදාළ ලිපිය මඟින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී තිබෙනවා.
674 Views
Comments