ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් පැමිණ සිරියානු පවුල පිටුවහල් කෙරේ

ව්‍යාජ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් , ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතික පවුලක් අද (20) කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද උදැසන 5.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයෙන් පැමිණ සිරියානු පවුල ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමිණි ඔවුන් , තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බව ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔවුන් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සැක සිතී,ඔවුන් සමඟ එම ලියකියවිලි ද ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.
තවදුරටත් මේ පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන අතරතුර , ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කර බලත්දී , ඒවා තුළ ඔවුන්ගේ සැබෑ සිරියානු ගුවන් ගමන් බලපත්‍ර තුන තිබී හමු වී ඇත.
එහිදී මොවුන් මුලින්ම ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බව සිදු කළ රසායනික පරීක්ෂණ වලින් අනතුරුව එළඹුණු තාක්ෂණික නිගමන වලින් හෙළි විය.
ඉන්පසුව තවදුරටත් ප්‍රශ්න කිරීම් වලදී , තම රට තුළ පවතින අස්ථාවර දේශපාලන වාතාවරණය නිසා , තමන් වෙනත් රටකට යෑමේ අරමුණින් , තමන් මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණි බව ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
පසුව ඔවුන් පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයෙන්ම ඔවුන් ආපසු ඩුබායි වෙත පිටුවහල් කර යැවීම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගෙන තිබුණි.
624 Views
Comments