පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණය තවදුරටත් - ප.ව. 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණය තවදුරටත් - ප.ව. 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණය තවදුරටත් - ප.ව. 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි

උතුරු , නැගෙනහිර උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතීයැයි බලාපොරොත්තුවේ.

 

උතුරු , නැගෙනහිර උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක.

 

සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කන්කසතුරයේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

ගාල්ල සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

ගාල්ල සිට කොළඹ, පුත්තලමසහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක .

 

 

 

views

607 Views

Comments

arrow-up