කෑගල්ලේ කොරෝනා පැණිය ගන්න ජනගඟක් - ආරූඩ වූ අයත් ඒ අතර (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

කෑගල්ලේ කොරෝනා පැණිය ගන්න ජනගඟක් - ආරූඩ වූ අයත් ඒ අතර (VIDEO)

කෑගල්ලේ කොරෝනා පැණිය ගන්න ජනගඟක් - ආරූඩ වූ අයත් ඒ අතර (VIDEO)

කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික වෙද මහත්මයාගේ කොරෝනා පැනිය ලබා ගැනීම සඳහා ජනගගක් ඊයේ දිනයේ දී පැමිණ සිටිනු දක්නට ලැබුණා.

 

ඒ හේතුවෙන් යම් කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර පිරිස පාලනය කිරීම සඳහා පොලීසියට ද මැදිහත් වීමට සිදු වුණා.

 

නිරෝධායනය නීති උල්ලංඝණය කරමින් කඩා වැදුණු මෙම පිරිස සහ ධම්මික වෙද මහත්මයා අතර උණුසුම් කතාබහක් ද ඇති වුණා.

 

ධම්මික වෙද මහත්මයා පැවසුවේ අදාල දේශීයව ඖෂධය තවමත් නිෂ්පාදනය කිරීම සඳහා පැණිය ලිප තබා තිබෙන බවයි.

 

විශාල පිරිසක් එක් රැස් වීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වන බවත් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා ද බාධා මතු වන බව ධම්මික වෙද මහත්මයා පැමිණ සිටි පිරිසට පැහැදිලි කර දුන්නා.

 

ඖෂධ නිෂ්පාදනය කර ග්‍රාම සේවා නිලධාරී මාර්ගයෙන් බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට සූදානම් වන බවයි ධම්මික වෙද මහතා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියේ.

 

මේ අතර පැමිණි සිටි කාන්තාවක් යම් අද්භූත බලවේගයක් ආරූඪ වූ අයෙක් මෙන් හැසිරීම ද දක්නට ලැබුණා.

 

 

 

 

 

 

 

views

563 Views

Comments

arrow-up