DEC
21
මෙරට සමස්ත ආසාදිතයින් 37,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස් හත් දහස ඉක්මවා තිබෙනවා.
ඊයේ දිනයේ දී ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 37,269ක් ලෙසයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර තිබුණේ.
ඊයේ වාර්තා වූ එම ආසාදිතයින් ගෙන් 38 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතයින් වන අතර සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් වාර්තා වනවා.
මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත ව සිට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 715 ක්.
ඒ සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 28,267ක් වෙනවා.
754 Views
Comments