හදවතින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

හදවතින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක්

හදවතින් දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක්

දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් ලියාපදිංචි  කිරීම සඳහා එම පක්ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා මැතිවරණ ලේකම් කාර්යාලට  අද (17) අයදුම්පත්‍රයක්  යොමු කළා.

 

 ‘හදවත‘ ලංජනය යටතේ  මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා  මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට අයදුම්පත යොමු කර තිබෙනවා.


 
මැතිවරණ ලේකම් කාර්යාලයට  එම ලේඛනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පක්ෂයේ ලේකම්වරයා මෙසේ පැවසුවා.


 
 ‘සජිත් ප්‍රේමදාස මහතා ‘හදවත‘ ලකුණින් තරග කරන්න හදනවා කියලා ආරංචියක් තියෙනවා. නමුත් මගේ පක්ෂය කාලෙකට ඉස්සර මේ නමින් ලියාපදංචි කළා.ඒ නිසා එහි අයිතිය තියෙන්නේ මට.  පිළිගත් දේශපාලන පක්ෂයක් විදියට මෙය ලියාපදිංචි කරන්න කියලා මං ඉල්ලනවා. පක්ෂයේ ව්‍යවස්ථාව ඇතුළු ලේඛන මා සිතුයි. අවශ්‍ය විටෙක ඒවා ඉදිරිපත් කිරීමටද මට හැකියාව තිබෙනවා‘ ‍

 

Source : Lankadeepa Newspaper

views

923 Views

Comments

arrow-up