SEP
22
මැතිවරණ නීතිය කඩ කරමින් රජයේ රැකියා ලබාදීමේ සිදුවීම් 6 ක් – පැෆරල්

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ රැකියා ලබාදීමේ සිද්ධි කිහිපයක් වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂක පැෆරල් සංවිධානය පවසනවා.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, එවැනි සිද්ධි 6 ක් පමණ පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බවයි.
මේ අතර ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, තම සංවිධානයට ද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද දක්වා පැමිණිලි 4 ක් වාර්තා වී ඇති බවයි.
708 Views
Comments