නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට: ජනතාවට අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

නිල්වලා ගගේ ජල මට්ටම ඌරව සහ පානදුගම ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, පිටබැද්දර ප්‍රදේශයෙන් ද නිල්වලා ගගේ ජල මට්ටම අවදානම් මට්ටම කරා පැමිණ ඇති බවයි.
මේ අතර ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී තිබෙනවා.
ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි ගංගා දෙපස පහත්බිමවල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකියි. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති වනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව සහන් කරනවා.
644 Views
Comments