ගෝඨා දිනවන මෙහෙයුම අද අනුරාධපුරයෙන් ඇරඹෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
09

ගෝඨා දිනවන මෙහෙයුම අද අනුරාධපුරයෙන් ඇරඹෙයි

ගෝඨා දිනවන මෙහෙයුම අද අනුරාධපුරයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය තහවුරු කරන පළමු ජනරැලිය අද අනුරාධපුරයේදී පැවැත්වෙනවා.

 

අනුරාධපුර සල්ගාදු පිටියේදී පස්වරු 2ටයි ජනරැලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වීමට නියමිතයි.

 

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් පිරිසක්ද මෙම ජන රැළියට එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

views

729 Views

Comments

arrow-up