අපේ සහයෝගය පොහොට්ටුවට නෙමෙයි - ගෝඨාභයට

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කරන බව තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පවසයි.පෙරවරු 10.00ට නිදහස් පක්ෂ මුලස්ථානයේදී පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බව මන්ත්‍රිවරයා පවසයි.
ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන බාධාව ලෙස ඉදිරිපත් කළේ පොහොට්ටුව ලාංඡනයයි. ඊයේ (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පළකළේ මෙවන් අදහසක්.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම පසුබෑමක් නැහැ.ජාතික බලවේග ගත් මාර්ගයත් සමග අපි එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ ක්‍රියාදාමය අපි හෙට බලාපොරොත්තු වෙනවා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරලා රටටමකරුණු කියන්න. අවශ්‍ය කටයුතු කරල තියෙනවා.රටට හොඳ පණිවිඩයක් අපි කියනවා."
"ලාංඡනය ගැන ප්‍රශ්නයක් තියෙනවා.. නමුත් ලාංඡනය දැන් ඒගොල්ලෝ භාර දීලා නේ තියෙන්නේ..අපි සහයෝගය දෙන්නේ පොහොට්ටුවට නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතාටයි."
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතාද මෙලෙස අදහස් පළකලා.
"සාකච්ඡා බොහෝ දුරට අවසන් වෙලා තියෙනවා.අද සන්ධ්‍යාවේත් මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙනවා. ඊට පසුව අපි හෙට උදෑසන බලාපොරොත්තු වෙනවා මාධ්‍යයට මේ සියලු අපි ගන්නා තීන්දු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න."
1097 Views
Comments