අක්කරපත්තුව රෝහලේ අරුම පුදුම සැත්කම

අක්කරපත්තුව මුලික රෝහලට ප්‍රතිකාර ගැනිමට පැමිණි කාන්තාවගේ උදරයේ තිබු විශාල ගෙඩියක් ශල්‍යකර්මයකින් ඉවත් කිරිමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
වෛද්‍යවරුන් සදහන් කලේ එම කාන්තාවගේ උදරයේ තිබු කිලෝ 19.5 ගොඩියක් සාර්ථකව ඉවත්කිරිමට සමත් වු බවයි.
පසුගිය 05 වෙනි දින මෙම සැත්කම සිදුකර ඇති අතර උදරයේ තිබු ගෙඩියේ පළල සෙන්ටිමීටර් 34 ක් වු අතර එහි දිග සෙන්ටිමීටර් 48 ක් හා උස සෙන්ටිමීටර් 23 ක් බව අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි එම්.ජවහීර් මහතා සදහන් කළා.
මෙම ශල්‍ය කර්මය සදහා පුරා පැය දෙකක පමන කාලයක් වෛද්‍ය කාර්ය මණ්ඩලයට ගතවූ බවයි වාර්තා වන්නේ.
අක්කරපත්තුව මුලික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරැන් වන එස්.එස්.ජමීල්, කේ.ඉර්න්ද්‍රවාන් ,මාතෘ සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය යුරේෂියා වික්‍රමසිංහ, නිර්වින්දන වෛද්‍යය වාමන් කුරුප්පු ඇතුලු වෛද්‍යවරැන් සහ හෙද කාර්ය මණ්ඩලය මෙම ශල්‍යකර්මය සදහා සහාභාගි වී තිබෙනවා.
761 Views
Comments