ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාට ද? අවසන් තීරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30)රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතයි.
එහිදී මෙවර ජනාධිපතිවරණයෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනවාද නැද්ද යන්න අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට මත දෙකක සිටිනවා.
පොදුජන පෙරමුණ පවසන්නේ ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ හැර වෙන ලකුණකින් තරග කළ නොහැකි බවයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ පොහොට්ටුව ලකුණු වෙනස් කළ යුතු බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට පවතින එකම ගැටලුව මේ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී අවසන් තීරණය ගනු ඇතැයි වාර්තාවනවා.
560 Views
Comments