ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදයත් ‘නිරෝධායන ගැසට්ටුවට ‘පටහැනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදයත් ‘නිරෝධායන ගැසට්ටුවට ‘පටහැනියි

ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදයත් ‘නිරෝධායන ගැසට්ටුවට ‘පටහැනියි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රැස්වීම පැවැත්වීම නිමා කළ යුතු බවත් එසේ නොකිරීම එම ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි උල්ලංඝණය කිරිමක් බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරයද රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසිවලට පරස්පර බවත් රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි වේ.

නීති සම්පාදනය කරන ස්ථානයාම එම නිති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද ? යන්න බව විමසන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

 

 

views

785 Views

Comments

arrow-up