කඳානේ විදුලි කාර්යාලයේ සේවකයින් පිරිසකට කොවිඩ්

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.
ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ එම ආයතනය විසින් එහි සේවකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි පැවසු බවය.
ඒ අනුව ඊයේ රාත්‍රීයේම අදාළ කටයුතු සිදුකරනු ලැබු බවත් ඔවුන් ආසාදිතයින් බවට මේ වන විට තහවුරු වී ඇතැයි ද මහජන පරීක්ෂකවරයා පැවසීය.
740 Views
Comments