DEC
20
දේවස්ථානවලට එල්ල වන බවට අසත්‍ය තොරතුරු වැපුරූ අයෙක් අත්අඩංගුවට

කතෝලික දේවස්ථාන වලට ඊයේ දිනයේ දී ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය තොරතුරු වට්ස් අප් හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා පෞද්ගලික සමාගමක ගණකාධිකාරිවරයෙකු බවයි පැවසෙන්නේ.
වයස අවුරුදු 31ක් වූ කඳාන වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා.
අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
876 Views
Comments