මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි දරුවන් ලක්ෂ දෙකක් කොළඹින් - විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් අද සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි දරුවන් ලක්ෂ දෙකක් කොළඹින් - විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් අද සිට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි දරුවන් ලක්ෂ දෙකක් කොළඹින්  - විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් අද සිට

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීම වෙනුවෙන් විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිඛෙනවා. මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටින සිසුන් මුදවාගනිමින් සියලු පාසල් මතින් නිදහස් පරිශ්‍ර බවට පත්කිරීම මෙහි අරමුණයි.

 

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල පමණක් මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුලු සිසුන් සංඛ්‍යාව 2,30,982ක් බවයි පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු අනුව අනාවරණ වී ඇත්තේ.


2018 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු සිසු දරුවන් 3455ක් ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.

 

මේ අතර පාසල් පරිශ්‍රයන් තුළ හෝ පාසල් ආශ්‍රිත පරිසරයන්හි කිසියම් හෝ මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකමක්, වරදක්, සිදුව ඇත්නම් ඒ සම්බන්ධව වහාම දැනුම් දීම සඳහා විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදී තිඛෙනවා. ඒ අනුව 0777128128 යන දුරකථන අංකයට ඇමතීමෙන් අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

views

692 Views

Comments

arrow-up