ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරීමට සූදානම් බව රුසියාව පවසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරීමට සූදානම් බව රුසියාව පවසයි

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරීමට සූදානම් බව රුසියාව පවසයි

ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසයි.

 

ස්පුට්නික් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

 

ශ්‍රී ලංකා රජය පරිසර දූෂණයෙන් තොර බලශක්තියට කැමැත්තක් දක්වන බවත් ගල් අඟුරු සහ ඉන්ධන භාවිතයෙන් කරන විදුලි නිපදවීම ක්‍රමයෙන් ගෑස් හා විකල්ප බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

 

ඒ අනුව දිගුකාලීන දෘෂ්ඨිකොණයකින්  න්‍යෂ්ටික බලශක්තිය භාවිත කළ හැකි බවත්  ඒ සඳහා දැනටමත් උත්සාහයන් දරා ඇති බවත් තානාපතිවරයා සඳහන් කරයි.

 

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගැනීමේදී බලශක්ති පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩි වෙමින් පවතින බවත් මේ අනුව න්‍යෂ්ඨික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ අදහස සාකච්ඡා කළ හැකි බවත් එය දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු පැවැසුවා.

 

රුසියාවේ න්‍යෂ්ටික සංස්ථාව වන රොසැටම් ආයතය හා ශ්‍රී ලාංකාවේ ඒ හා සම්බන්ධිත ආයතන න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳව අන්තර් රාජ්‍ය මට්ටමින් එකඟතාවයකට පැමිණ ඇති බවත් තානාපතිවරයා සඳහන් කළා.

- Sputinik News 

views

808 Views

Comments

arrow-up