පාස්කු ප්‍රහාරය ගැන තාත්තා කලින් දැනගත්තේ කොහොමද? කොමිසම හරීන්ගෙන් ප්‍රශ්න කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

පාස්කු ප්‍රහාරය ගැන තාත්තා කලින් දැනගත්තේ කොහොමද? කොමිසම හරීන්ගෙන් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය ගැන තාත්තා කලින් දැනගත්තේ කොහොමද? කොමිසම හරීන්ගෙන් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය ගැන කලින්ම තම පියාගෙන් තොරතුරක් දැනගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබිණි.

 


2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තම පියා දැනුවත් වී ඒ සම්බන්ධයෙන් තමා දැනුවත් කර තිබූ නිසා දේව මෙහෙයට නොගිය බවට ඔහු කළ බව කියන ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා මෙලෙස කොමිසමට පැමිණියේය.

 


පෙරවරු 9.00ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ඇති අතර දහවල් 12.00ට පමණ ප්‍රකාශය ලබාදී කොමිසමෙන් පිටව ගියේය.

 


පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පියා මේ වන විට ජීවතුන් අතර නැත.

 

views

768 Views

Comments

arrow-up