සජිත්ගේ නව පක්ෂය ලියාපදිංචියට එජාපයෙන් බාධා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
12

සජිත්ගේ නව පක්ෂය ලියාපදිංචියට එජාපයෙන් බාධා

සජිත්ගේ නව පක්ෂය ලියාපදිංචියට එජාපයෙන් බාධා

නව දේශපාලන පක්ෂයක් ලෙස ‘සමගි ජාතික බලවේගය’ ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත‍්‍රීවරයෙක් සදහන් කළා.


   
 
එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහතා මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඊයේ( 11)මෙම ඉල්ලීම කළ බවයි ඔහු සදහන් කළේ.
සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වය විසින් ‘ සමගි ජාතික බලවේගය’ නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ද එජාප නීති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂම වෙත යවා ඇති ලිපියේ සඳහන් කළ බවයි එජාප ප‍්‍රකාශකයා සදහන් කළේ.

 


ඔහු වැඩි දුරටත් මෙසේ ද සදහන් කළා. ‘එජාපය විසින් ඉදිරිපත් කර ඇති විරෝධයට හේතු වශයෙන් දක්වා ඇත්තේ සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන බවයි. එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබෙනවා.

 


එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන ඹභඡු යන්නට සමාන වන බැවින් ජාතික සමගි බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලූ බව ද’ එජාප ප‍්‍රකාශකයා සදහන් කළා. 

 

views

1074 Views

Comments

arrow-up