රන්ජන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේය.
ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත්විමේ චෝදනාවට අදාල නඩු විභාගයට සහභාගී වීම සඳහායි.
අප වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා අද පස්වරු 01කට පමණ අධිකරණය හමුවට රැගෙන ආ බවයි.
මෙම නඩුවට අදාලව රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂාවක්ද මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ සිදුකරණු ලැබුවේය
917 Views
Comments