පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න තවත් කොමිසමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න තවත් කොමිසමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන්න තවත් කොමිසමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් කොමිසමක් පත්කර තිබෙනවා.

 

අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කොමිසමේ සෙසු සාමාජිකියන් වන්නේ,

 

02 නිශ්ශංක බන්දු කරුණාරත්න - අභියාචනාධිකරණ විනිසුරු

 

03 නිහාල් සුනිල් රාජපක්ෂ - විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු

 

04 අතපත්තු ලියනගේ බන්දුල කුමාර - විශ්‍රාමික මහාධිකරණ විනිසුරු

 

05 එම්.එම්. අධිකාරී - විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්

 

ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර තිබෙනවා. පාස්කු ප‍්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ වැරදි සහ බලය හෝ අධිකාරිය අයුතු ලෙස යොදා ගැනීම මෙන්ම මගහැරීම සහ නොසැලකිලිමත්කම් පිළිබද වාර්තා වී තිබෙනවා.

 

වගකීම් පැහැර හැරීම්ද සිදුවී ඇති බැවින් ඊට සම්බන්ධ වගකිවයුතු නිලධාරීන් හදුනා ගැනීම පත් කෙරුණු මෙම පංච පුද්ගල කමිටුවේ ප්‍රධාන අභිලාෂයයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

812 Views

Comments

arrow-up