ජනපති රුව මැතිවරණයට භාවිතා නොකරන්නැයි නියෝග

එළැඹෙන මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(01) නියෝග කළා.
එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනාධිපතිතුමා කියා සිටියා.
මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූප භාවිත කරන බවටත්, යුද හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවටත්, විවිධ පත්වීම් ලබාදෙන බව ප්‍රකාශ කරන බවටත්, තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලුම ආණ්ඩුකාරවරුන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත ඊයේ(01) යැවූ ලිපියක් මඟින් සඳහන් කර තිබේ. මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයා ලේකම්වරයාට නියෝග කර තිබේ.
සියලුම රාජ්‍ය සේවකයන් මේ උපදෙස් පිළිපදින බවට වගබලා ගන්නැයි ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාටද පිටපතක් සහිතව, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ.
682 Views
Comments