මම කියන්නේ පාවාදුන්නාද කියලා සැකයක් තියෙනවා කියන එකයි – මහින්දානන්ද කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

මම කියන්නේ පාවාදුන්නාද කියලා සැකයක් තියෙනවා කියන එකයි – මහින්දානන්ද කියයි

මම කියන්නේ පාවාදුන්නාද කියලා සැකයක් තියෙනවා කියන එකයි – මහින්දානන්ද කියයි

2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන්න බවට තමන් ප්‍රකාශ කලේ ඇතිවූ සැකයක් මත බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

 

නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තරග පාවා දීම සම්බන්දයෙන් පැමිණිල්ලක්ද සිදුකල බවයි.

 

ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12ක් අතරින් තරඟ පාවා දීම් සම්බන්දයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නමද සඳහන් වන බවත් මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දු වෙත අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් විශේෂ ලිපියක් ඒවා තිබු බවත් ඔහු සඳහන් කරනවා.

 

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් අද උදෑසන ඔහුගේ නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයට ගොස් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

 

නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යයාලයේ පැවති මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ තරග පාවා දීම සම්බන්දයෙන් පැමිණිල්ලක්ද සිදුකල බවයි.

 

මේ වන විට ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී ඇති නිසා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව තවදුරටත් කතා නොකරන ලෙසයි.

 

views

589 Views

Comments

arrow-up