මැතිවරණයට අදාළ කොවිඩ් මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

මැතිවරණයට අදාළ කොවිඩ් මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය අද

මැතිවරණයට අදාළ කොවිඩ් මාර්ගෝපදේශ නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය අද

මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙන කොවිඩ් මාර්ගෝපදේශ, නීතියක් බවට පත්කිරීමේ ගැසට් පත්‍රය නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව හෙට (25) නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

මේ අතර Face book සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ලෝකයේ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමූහික ක්‍රියාවලියක උත්සාහය මත ශ්‍රී ලංකාව සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නොමැති බවය.

 

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත  ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසද ජනාධිපතිවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

 

views

582 Views

Comments

arrow-up