පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ගැහුවේ ආත්මාරක්ෂාවට අවම බලය පාවිච්චි කරන්නයි - ප්‍රසන්න රණවීර (VIDEO)

දින 52 ආණ්ඩු සමයේදී තමන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ විපක්ෂ මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ ආත්මාරක්ෂාව සඳහා අවම බලය පාවිච්චි කිරීමක් වශයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා පවසයි.
රංජන් රාමනායක, පාලිත තෙවරප්පෙරුම වැනි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළට පිහි රැගෙන පැමිණි තත්වයක් තුළ සහ කථානායකවරයාගේ හැසිරීම අනුමත කළ නොහැකි තත්වයක් තුළ තමන්ට අතට අසුවූ දෙයින් පහරදීමට සිදුවුණු බව පැවසූ ඒ මහතා මිරිස් කුඩු ගෙනාවේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් සඳහන් කළේය.
එසේම ජනතාව තමන්ව පාර්ලිමේන්තු යවා ඇත්තේ එහෙයියන් මෙන් සෑම දෙයකටම අත එසවීමට නොවන බවත් ඒ දින 52 ආණ්ඩු සමයේ එක් එක් මන්ත්‍රීවරුන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළුණු බවත් ඒ මහතා අවධාරණය කළේය.
ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමිනි.
''පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැහුවේ, ප්‍රජාතන්ත්‍රවාදය රකින්න'' - ප්‍රසන්න රණවීර''පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැහුවේ, ප්‍රජාතන්ත්‍රවාදය රකින්න'' - ප්‍රසන්න රණවීර #PrasannaRanaweera #NEWSLINE #Election #Parliament #ULC
Posted by Newsfirst.lk on Wednesday, June 24, 2020
785 Views
Comments