රිෂාඩ් බදුයුදීන්ගේ සහය සජිත්ගේ සංධානයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

රිෂාඩ් බදුයුදීන්ගේ සහය සජිත්ගේ සංධානයට

රිෂාඩ් බදුයුදීන්ගේ සහය සජිත්ගේ සංධානයට

සුළු ජාතීන් වෙනුවෙන් වැඩ කරන අපේක්ෂකයෙක් තෝරගත යුතු බැවින් එළැඹෙන මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

 


ඔහු මේ බව පැවසුවේ, එම පක්ෂයේ කාර්යාලයක් වවුනියාව ප්‍රදේශයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදි වැඩිදුරත් අදහස් දැක්වු රිෂාඩ් බදියුදීන් මහතා,

 


“පාර්ලිමේන්තු මැතිවරණයක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකෙදී සුළු ජාතික ජනතාව තමන් වෙනුවෙන් කථා කරන, වැඩ කරන අපේක්ෂකයෙක් තෝරගන්න ඕනේ.
එහිදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සන්ධානය සමග එක්ව තරග කරන්න අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒවගේම ඇතැම් ප්‍රදේශවල අපි තනිව තරග කරනවා. ඒ අනුව අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලි පරාජය කරන්නත් අපේ සන්ධානය එකමුතුව වැඩ කරනවා.

 


ප්‍රශ්නය – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සම්මේලනයේදී රවුෆ් හකීම් කියනවා දෙමළ ජාතික සන්ධානය එක්ක එකතුවෙලා ඡන්දය ඉල්ලන එක හොඳයි කියලා. ඒ ගැන ඔබේ කැමැත්තක් තියෙනවාද?

 


මහ ජාතිය නියෝජනය කරන සමහරු වර්තමානයේ සුළු ජාතීන්ව කොන් කරන්න කටයුතු කරමින් ඉන්නවා. එයින් ඇතිවිය හැකි භයානක තත්ත්වයෙන් මිදෙන්න නම් සුළු ජාතික පක්ෂ සියල්ල එක්ව කටයුතු කිරීම රටට හොඳයි.

 


යුද්ධය නිසා අපිට ගොඩක් දේවල් අහිමි වුණා. දැන් ඉන්න මහ ජාතිය නියෝජනය කරන දේශපාලඥයෝ ඒක පාඩමක් විදිහට අරගන්න ඕනේ. සුළු ජාතීන්ගේ හිත කඩලා එයාලව තරහගස්සන එක රටට හොඳ නැහැ. ”

 

views

628 Views

Comments

arrow-up