බදු අඩු කරන්නැයි ජනපතිගෙන් පළාත් සභාවලට නියෝග

ජනතාවගෙන් අය කරන බදු හා අයකිරීම් අවම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළාත් සභා වෙත නියෝග කර තිබේ. බදු සහ බදු නොවන පද්ධති සරල කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල යටතේ පළාත් සභා මගින් සිදු කරන, බදු ඇතුළු අයකිරීම් අවම කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර තිබෙන්නේ.
ජනතාවගෙන් බදු අයකිරීම වෙනුවට ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීම හා කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම රජයේ අපේක්ෂාවයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා හරහා සියලු ආණ්ඩුකාරවරුන් දැනුවත් කර තිබේ. එසේම පළාත් පාලන අනුපාත හා ගෙවීම් ව්‍යූහය විමර්ශනය කර දින 30 ක් ඇතුළත එම ව්‍යූහය ද සරල කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.
පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරීම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසට ද ජනාධිපති ලේකම්වරයා ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත.
විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගතකරණය සහ ආදයම් බෙදාගැනීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්ති ව්‍යුහය සමග සමපාත විය යුතු බවයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පෙන්වා දෙන්නේ.
683 Views
Comments