උගතුන් පමණක් පාර්ලිමේන්තු යවනවට මැකෝගේ විරෝධය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
19

උගතුන් පමණක් පාර්ලිමේන්තු යවනවට මැකෝගේ විරෝධය

උගතුන් පමණක් පාර්ලිමේන්තු යවනවට මැකෝගේ විරෝධය

උගතුන් බුද්ධිමතුන් පමණක් පාර්ලිමේන්තු යැවිය යුතු බවට සමාජගත වී ඇති මතවාදය පිළිගත නොහැකි බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු පවසන්නේ එය මිථ්‍යාවක් බවයි.

 

මේ වනවිටත් පාර්ලිමේන්තුව තුළ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් රැසක් සිටින බවත්, ඔවුන් සිටි පමණින් රටට සෙතක් සිදු නොවන බවත් මහින්ද දෙශප්‍රිය මහතා පවසනවා. ඊයේ (18) කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

කෙසේ වෙතත් මෙතෙක් කල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරූ, සාමාන්‍ය පෙළ හෝ සමත් නොමැති ඇතැම් මහජන නියෝජිතයන්, උගතුන්ට බුද්ධිමතුන්ට වඩා ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥයන් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව ජනතා නියෝජිතයන් වියයුත්තේ යමක් අවබෝධ කරගත හැකි, ජනතා ගැටලු විශ්ලේෂණය කර ඊට විසඳුම් ලබාදිය හැකි බවයි මහින්ද දේශප්‍රිය මහතාගේ අදහස වන්නේ.

views

739 Views

Comments

arrow-up